Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මරුට

By News Team on July 31st, 2021 in Local

නුවරඑළිය ළිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ නුවරඑළිය පැවැති රූගත කිරීමකින් අනතුරුව නැවත පැමිණීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

ඇය කරුමක්කාරයෝ, බිතු සිතුවම්, සළඹක් හඩයි, හෝ ගානා පොකුණ ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක මෙන්ම ටෙලි නාට්‍ය රැසක ද සිය රංගන කුසලතාව දැක්වීමට සමත් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට වාහනය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නොසැලිකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුකර ඇති බවයි.