Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ත්‍රිවිධ හමුදා රෝහල්වල අද සිට එන්නත්කරණය ඇරඹේ

By News Team on July 5th, 2021 in Local

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අයත් තෝරාගත් රෝහල්වලද අද සිට එන්නත්කරණය ආරම්භ කෙරෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද (05) සිට දිනපතා පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම රෝහල් වෙත පැමිණීමෙන් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට සයිනොෆාම් එන්නත ලබාගත හැකි බවයි.

මෙහි ප්‍රධාන එන්නත්කරණ වැඩසටහන නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් ආරම්භ කෙරෙනු ඇති. මීට අමතරව වේරහැර හා පනාගොඩ යුද හමුදා රෝහල්වලදී ද කොවිඩ් එන්නත ලබාගත හැකියි.

කොළඹ ගුවන්පුර ගුවන් හමුදා රෝහල හා රත්මලාන, කටුනායක හා ඒකල ගුවන් හමුදා කදවුරු ආශ්‍රිතව මෙන්ම වැලිසර සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා රෝහල්වලද කොරෝනා එන්නත්කරණය සිදුකෙරෙනු ඇති.

මීට අමතරව යාපනය, මුලතිව්, කිලිනොච්චි, අනුරාධපුර, ගාල්ල, මාතර සහ දියතලාව ප්‍රදේශවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා ද අද සිට තෝරාගත් හමුදා රෝහල් සහ කඳවුරුවලදී එන්නත ලබාගත හැකියි.

මාතර යුද හමුදා කඳවුර, ගාල්ල කොටුව යුද හමුදා කඳවුර, අනුරාධපුර වික්ටරි යුද හමුදා රෝහල, දියතලාව යුද හමුදා රෝහල, කිලිනොච්චි, මුලතිව් හා යාපනය යුද හමුදා රෝහල්වලදි එන්නත්කරණය සිදුකෙරෙනු ඇති.