Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිරෝධායන කාලය තුළ අවු 60ට වැඩි අයට එන්නත්

By News Team on August 20th, 2021 in Local

මුළු දිවයිනටම අද (20) රාත්‍රී 10 සිට 30 වනදා දක්වා අළුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුදා හමුදාපතිවරයා කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (20) පැවැති කොරෝනා පාලනය පිළිබඳ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

මෙම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.