Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අවුරුදු 12ත් 18ත් අතර ළමුන් සඳහා එන්නත්කරණය කඩිනමින්

By News Team on September 10th, 2021 in Local

පසුගිය සති කිහිපයට සාපේක්ෂව මෙරට රෝහල් හි මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සාමන්‍යයෙන් මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80ක් පමණ අතර කොරෝනා වසංගතය සමඟ දෛනික ඔක්සිජන් භාවිතය සීඝ්‍ර ලෙස ගියා.

සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් දිනවල දෛනික ඔක්සිජන් භාවිතය ටොන් 140ක පමණ ප්‍රමාණයක් දක්වා ඉහළ ගිය අතර මෙරට නිෂ්පාදනයට අමතරව ඉන්දියාව, සිංගප්පුරුව හා චීනය යන රටවලින් ඔක්සිජන් ඇණවුම් කිරීමට පියවර ගත් බවයි.

මේ අතර වයස අවුරුදු 12ත් 18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණ ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ 07 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවයි.

මේ වන විට ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමග පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවටයි රඹුක්වැල්ල මහතා විශ්වාසය පළ කළේ.

කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් විටින් විට පාසල් වසා දැමීමට සිදුව තිබෙන බැවින් හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳව මේ වන විට නිර්ණායක කිහිපයක් පෙන්වා දී ඇතැයි ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියාසිටියා. මේ යටතේ දරුවන් ලක්ෂ විස්සක් පමණ එන්නත් කිරීමට නියමිතයි.