Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අමෙරිකාව වසර 20කට පසු ඇෆ්ඝන් මෙහෙයුම් අවසන් කෙරේ

By News Team on August 31st, 2021 in International

වසර 20 ක ඇෆ්ඝන් මෙහෙයුම් නිමාවට පත් කරමින් අමෙරිකානු අවසාන යුධ ගුවන් යානයත් කාබුල් අගනුවරින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ඇෆ්ඝනිස්ථානය තුළ අමෙරිකානු ක්‍රියාකාරකම් නිල වශයෙන් නිමාව සනිටුහන් වන බවයි එරට මෙහෙයුම් භාරව කටයුතු කල ජනරාල් ෆ්‍රෑන්ක් මැකෙන්සි සඳහන් කලේ.

පසුගිය අගෝස්තු 14 වනදා සිට මේ දක්වා අමෙරිකාව විසින් ඇෆ්ඝනිස්ථානයෙන් සිවිල් වැසියන් 123,000 ක් පමණ ඉවත් කරගෙන තිබුණා.

2001 වසරේදී ආරම්භ වූ තලේබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් වසර 20 ක් පුරා පැවති අතර එය මේ දක්වා අමෙරිකාව සිදුකල දීර්ඝතම යුද්ධයයි.

මෙම කාලසීමාව තුළදී මියගිය අමෙරිකානු සෙබලුන් ගණන 2400 කට අධිකයි.

වැය කර තිබූ මුදල ඩොලර් බිලියන 822 කට ආසන්නයි.

කාබුල් වේලාවෙන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියට විනාඩියක් තිබියදී අවසන් අමෙරිකානු ගුවන් යානයද පිටත්ව ගිය අතර එය සමරමින් තලේබාන් සංවිධානය විසින් අහසට වෙඩි තබා ඇති බවයි ඇෆ්ඝන් වාර්තාවල දැක්වෙන්නේ.

කාබුල් ගුවන් තොටුපළෙන් අමෙරිකානු හමුදා නිල වශයෙන් ඉවත් වීමත් සමග අමෙරිකානු සිවිල් ගුවන් යානා සඳහා තවදුරටත් ඇෆ්ඝන් ගුවන් කලාපය භාවිත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර ඇෆ්ඝනිස්ථානය තුළ මෙහෙයුම් දීර්ඝ නොකිරීමට ගත් හේතු පැහැදිලි කරමින් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා අද ජාතිය ඇමතීමටද නියමිතයි.