Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අමෙරිකානු යුක්රේන තානාපති කාර්යාලයේ සේවකයන් නැවත කැඳවයි

By News Team on January 24th, 2022 in International

මතුව ඇති අවදානම් තත්ත්වය හමුවේ තානාපති කාර්යාලය සේවකයන් සහ ඔවුන්ගේ ඥාතීන්ට යුක්රේනයෙන් වහාම පිටවෙන ලෙස දැනුම් දී තිබෙනවා.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ අදාළ කලාපයේ යුධ උණුසුම ඉහළ යාමත් සමඟයි.

තානාපති කාර්යාලයේ සිටින අත්‍යාවශ්‍යය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද ඉවත් වෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ඔවුන් යුක්රේනයේ සිටින තම පුරවැසියන්ට රටින් බැහැරවීම පිළිබඳ සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව ඕනෑම මොහොතක යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමේ අවධානම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.