Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අමෙරිකාව සංචාරක තහනම ඉවත් කිරීමට සැරසේ

By News Team on September 21st, 2021 in International

අමෙරිකාව කොරෝනා තත්ත්වය හමුවේ පණවා තිබු සංචාරක තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නැවතත් සංචාරකයන් සඳහා සිය දේශ සීමා විවෘත කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

නොවැම්බර් මාසයේ සිට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක සංචාරකයන්ට නැවත අමෙරිකාවට පිවිසිය හැකි වනවා.

එලෙස පැමිණෙන සංචාරකයන් සඳහා පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර කොරෝනා පරීක්ෂණ සඳහා ද මුහුණ දිය යුතු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැනට බ්‍රිතාන්‍යය, චීනය, ඉරානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය මෙන්ම යුරෝපා රටවල් රැසක සිට පැමිණෙන සංචාරකයන්ට අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවන්නේ නැහැ.