Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අමෙරිකාව තවත් ලාංකික හමුදා නිලධාරීන් දෙදෙනෙක්ට සංචාරක තහනමක් පනවයි

By News Team on December 11th, 2021 in Local

අමෙරිකාව විසින් තවත් ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා නිලධාරීන් දෙදෙනෙකුට සංචාරක තහනමක් පණවා තිබෙනවා.

මෙලෙස සීමා පණවා ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු වන චන්දන හෙට්ටිආරච්චි සහ යුද හමුදාවේ හිටපු සැරයන්වරයෙකු වන සුනිල් රත්නායක යන අයටයි.

2008-2009 කාලසීමාවේදී ත්‍රිකුණාමලයේදි සිදුවූ තරුණයන් 11 දෙනෙකු ඝාතන සිදුවීමට අදාළව නාවික නිළධාරී චන්දන හෙට්ටිආරච්චිට සංචාරක වාරණයක් පණවා තිබෙනවා.

2000 වසරේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යුධ හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට සීමා පණවා ඇති බවයි අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

අමෙරිකාව විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව මෙම පියවර ගත් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.