Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ලබන මස 1 වනදා ඇරඹේ

By News Team on October 26th, 2021 in Local

ලබන මස 1 වනදා සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අදිරයෙන් අදියර නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා.

විෂ විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ අදාළ දින තීරණ කිරීමේ බලය එක් එක් විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරුන්ට පවරා ඇති බවයි.

පළමු අදියර යටතේ විශ්ව විද්‍යාල සඳහා පැමිණීමට අවසර ලබා දී ඇත්තේ පුර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ගත වූ සිසුන්ට පමණි.

ඊට අමතරව ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25ක් පමණ බැඟින් පළමුව අධ්‍යයන කටයුතු සඳහා සහභාගී කරගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.