Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

2020 වසර සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

By News Team on July 26th, 2021 in Local

2020 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (26) ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ලබන 30 වනදා දක්වා එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම සභාව සඳහන් කළේ.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර එහි ඡායා පිටපතක් විද්‍යුත් ලිපිනයට එවිය යුතු වනවා.

සංචරණ සීමා පැවැති කාල සිමාව තුළ ඇතැම් සිසුන්ට විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට දී තිබූ කාලය පසුගිය ජුනි මස 18 වැනිදායින් අවසන් වුණා.

අයැදුම්පත් යොමු කරන සිසුන් අද සිට ජූලි 30 වැනි දින දක්වා කාලය තුළ ඔන්ලයින් ඔස්සේ අයැදුම් කළ යුතු වනවා.

අදාල කාලය තුළ අයැදුම්පත් යොමු කරන සිසුන්හට නැවතත් සිය විශ්වවිද්‍යාල හෝ පාඨමාලා අනුපිළිවෙළ වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහාත් යළි සති දෙකක කාලයක් ලබා දෙන බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.