Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද වන විට පාතාල ක්‍රියාකාරකම් අඩුවෙලා තියෙනවා – අමාත්‍ය සරත් වීරසේකර

By News Team on June 24th, 2021 in Local

මෙරට බොහොමයක් පාතාල ක්‍රියාකාරකම් අද වන විට අඩුවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඊට අමතරව ස්ත්‍රී දුෂණ, කප්පම් ගැනීම්, ළමා අපචාර සහ මත්කුඩු ව්‍යාපාර නැති කිරීමටද අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පානදුර පිංවත්ත කොට්ඨාශයේ නව පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානතම රාජකාරිය බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ සඳහා ජනතාව ලබාදෙන තොරතුරු බවයි.