Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

උමාරියාට ඇප ලැබෙයි – රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

By News Team on August 1st, 2021 in Local

ඊයේ (31) රාත්‍රියේ රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නව පරපුරේ ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මත මුදා හැර තිබෙනවා.

කොටුව මහේත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබාදුන් අතර නඩුව යළි ලබන 18 වනදා කැඳවීමට නියමිතයි.

ඒ වන තෙක් ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඊයේ (31) පස්වරු 05.30ට පමණ රාජගිරිය ගුවන් පාලම අසළ සිදුවූ මෙම අනතුරින් ඇය පැදවූ මෝටර් රථයේ ගැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු මෙලෙස තුවාල ලබා තිබුණා.