Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පුර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම පුද්ගලයෙක්ට හෙට සිට UAE විසා

By News Team on August 30th, 2021 in International

පුර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම පුද්ගලයන්හට හෙට (31) සිට වීසා බලපත්‍ර නිකුත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ රට තුළ කොරෝනා ආසාධිතයින් ගණන කැපී පෙනෙන ලෙස පහළ යාමත් සහ ලබන මසදී පැවැත්වෙන අපනයන වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වීම යන කරුණු හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් වන ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා, ෆයිසර්, සයිනොෆාම් සහ සයිනොවැක් යන එන්නත් මඟින් එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට ඩුබායි, අබුඩාබි, ෂාජා ඇතුළු එමීර් සඳහා අයදුම් කළ හැකියි.

මෙම තීරණයත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සංචාරක තහනම පණවන ලද රටවල් ඇතුළු ඕනෑම රටකට එය අදාළ වනු ඇති.