Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සංචරණ තහනම ලිහිල් කරයි

By News Team on August 4th, 2021 in Local

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල අතරමැඳි ගුවන් මඟීන් සඳහා පැනවූ තහනම හෙට (05) සිට ලිහිල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

ඒ අනුව ස්ථිර පදිංචිය සහිත සහ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවට සහතික කර ඇති පසුගිය දින 14 තුළ ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, නේපාලය, නයිජීරියාව හෝ උගන්ඩාව යන රටවල සංචාරය කළ අය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ තහනම ඉවත් වනු ඇති.

කෙසේ වෙතත්, එම අතරමැදි ගුවන් මගීන් කොරෝනා ආසාදිතයින් නොවන බවට තහවුරු කරන පී සී ආර් වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුයි.

දකුණු ආසියානු කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග අදාළ රටවල අතරමැදි ගුවන් මගීන්ට සිය රටට ඇතුල් වීම තහනම් කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය පසුගිය අප්‍රේල් මාසයේදී පියවර ගත්තා.