Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

වසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයි

By News Team on December 15th, 2021 in International

වසර දෙකට ආසන්න කාලයක් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ ඕස්ට්‍රේලියාව දේශ සීමා අද (15) අළුයම 12 සිට විවෘත කෙරුණා.

මේ අනුව වීසා කාණ්ඩ 28ක වලංගු වීසා බලපත් හිමියන්ට කිසිඳු පුර්ව අනුමැතියකින් තොරව රටට ඇතුළු හැකි වනවා.

මෙම වරප්‍රසාදය ශිෂ්‍යයන්, නිපුණතා ශ්‍රමිකයන්, සරණාගත වීසා දරන්නන් ඇතුළු විශාල පිරිසකට උදා වනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයන් ඔවුන්ගේ එන්නත්කරණ තොරතුරු මෙන්ම සෘණාත්මක PCR වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු වනවා.

දකුණු කොරියානු සහ ජපාන පුර්ණ එන්නත්කරණයට ලක්වූ පුරවැසියන්ට සංචාරක වීසා බලපත් යටතේ කිසිඳු නිරෝධායනයකින් තොරව ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අද (15) සිට අවසර හිමි වනවා.

ඕස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම පසුගිය පළමුවනදා සිදුකිරීමට නියමිතව තිබුණද එය අද දක්වා කල්ගියේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හේතුවෙනුයි.