Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

PHIට පහර දුන් දෙදෙනෙක් රිමාන්ඩ්

By News Team on September 3rd, 2021 in Local

ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයින් දෙදෙනෙක් ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

බන්ධනාගාර ගත වූ සැකකරුවන් තිඹිරිපොකුණ සහ අශෝකපුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 24 හා 42 වියේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ගිරිබාව පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ මහජන ⁣සෞඛ්‍ය පරීක්ෂකවරයා තිඹිරිපොකුණ ප්‍රදේශයේ කොරෝනා රෝගියෙකුගේ තොරතුරු සොයා බැලිම සදහා යන අවස්ථාවේදි මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදි මුව ආවරණ නොමැතිව යතුරුපැදියක ගමන්කළ පුද්ගලයින් දෙදෙනකුට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අවවාද කර ඇති අතර ඔවුන් දෙදෙනා ඉන් අනතුරුව මෙම නිළධාරියාට බැන වැදී පහර දී ඇති බවයි බව සඳහන්.