Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

By News Team on July 23rd, 2021 in Local

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ්ගේ බිරිද, බිරිදගේ පියා සහ අදාළ දැරිය කොළඹට ගෙන ආ තැරැව්කරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අද (23) අධිකරණයට ඉදිරිපත් කර පැය 72ක රැදවුම් නියෝගයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් සිද්ධියට සම්බන්ධව ප්‍රකාශ 20කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.