Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කොළඹින් තවත් ඩෙල්ටා වෛරස් ප්‍රභේද ආසාධිතයින් දෙදෙනෙක් හඳුනා ගනී – වෛරස වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස ජ’පුර සරසවියට දැනුම් දීලා?

By News Team on July 3rd, 2021 in Exclusive Story

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාධිත බවට සැක කෙරෙන පුද්ගලයෙක් වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයෙන් හඳුනා ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මේ වන විටත් ප්‍රභේදය ආසාධිත වූ පුද්ගලයන් කිහිපයක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

අදාළ ආසාධිතයාගේ ළඟම ආශ්‍රිතයන් 20 දෙනෙක් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාධිත වූ තවත් පුද්ගලයින් 14 දෙනෙක් දිවයිනේ දිස්ත්‍රික්ක 04කින් හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් අදාළ ආසාධිතයින් හඳුනාගත් බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා සීමාවේ කොලොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාධිතයින් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය සඳහන් කළේ දිවයින පුරා සාම්පල 142කින් අදාළ ආසාධිතයින් හඳුනාගත් බවයි.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවල තොරතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පරීක්ෂණ කණ්ඩායම්වලට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අදාළ දහවල් පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූ කරුණු පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අද (03) දහවල් වන තෙක් කිසිඳු ප්‍රකාශයක් සිදුකර තිබුණේ නැහැ.