Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

By News Team on July 8th, 2021 in Local

අද (08) උදෑසන 6 සිය තවත් ප්‍රදේශ හුදකලා කර තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් මෙලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වාර්තා වන්නේ.

ඒ අනුව මාතලේ පොලිස් බල ප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය හුදකලා කර තිබෙනවා.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස හුදකලා භාවය ඉවත් කළ ප්‍රදේශ පහතින්,

මඩකලපුව දිස්ත්‍රික්කය

කාත්තණ්කුඩි පොලිස් බලප්‍රදේශයේ,

කාත්තන්කුඩි කොටස 4 164
කාත්තන්කුඩි කොටස 5 164A
කාත්තන්කුඩි කොටස 5 දකුණ 164B
නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A
කාත්තන්කුඩි කොටස 6 බටහිර 162B

මාතලේ දිස්ත්‍රික්කය

මහවෙල පොලිස් බලප්‍රදේශයේ,
නිකගොල්ල E 333
නිකගොල්ල උතුර E 333/A