Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කෙරවළපිටිය බලාගාරයට අදාළව තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමේ සුදානමක්

By News Team on September 27th, 2021 in Local

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමේ ව්‍යාපෘතියට අදාළව තවත් ගිවිසුම් 2කට එළඹීමට නියමිත බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ රටට ඉතා සංවේදී කරුණු අඩංගු වන්නේ එම ගිවිසුම් දෙක තුළ බවයි.

මේ වන විට අත්සන් තබා ඇති ගිවිසුම මඟින් සිදුව ඇත්තේ මහා භාණ්ඩාගාරය සතු කොටස් සියයට 60න් සියයට 40ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීම පමණක් සිදුව ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට විසඳුමකින් තොරව අවසන් වූ බැවින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි විගස ඔහු සමඟ ද සාකච්ඡාවට බලාපොරොත්තු වන බවයි.