Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සජිත්ගේ පිලේ දෙදෙනෙක් සංවිධායක ධුරවලින් ඉවත් වීමට තීරණය කරයි

By News Team on October 26th, 2021 in Local

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හේෂා විතානගේ මහතා සංවිධායක ධුරය දරණ රක්වාන ආසන සංවිධායක ධුරයෙන් සහ චම්න්ද විජේසිරි මහතා පක්‍ෂයෙ තමන් දරණ වගකීම්වලින් ඉවත්ව ඇති බවයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දී ඇති බවද වාර්තා වනවා.