Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අන්තරේ විරෝධතාවේ දී තුවාල ලැබූ මහරගම OICගේ ඇගිලි දෙකකට බරපතළ හානි

By News Team on August 4th, 2021 in Local

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්න ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාව අතරතුර තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රෝහල් ගතකර තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ පොලිස් අණ නොතකා මාර්ග බාධක පෙරළා දමමින් ඉදිරියට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇගිලි දෙකකට පුර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරුව ඔහුව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.