Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කාබුල් ගුවන්තොටුපොළේ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 73ක් මරුට

By News Team on August 27th, 2021 in International

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපොළ එල්ලවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 73 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා කියා සිටියේ ප්‍රහාරයෙන් තවත් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඊයේ (26) දිනයේ සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම IS සටන්කාමීන් විසින් භාරගෙන ඇති අතර මියගිය පිරිස් අතර අමෙරිකානු සෙබළුන් 13 දෙනෙක් ඇති බව වාර්තා වනවා.

සිවිල් වැසියන් රටින් ඉවත් කරගැනීමේ මෙහෙයුම් අතරතුරදියි ඊයේ (27) පස්වරුවේ මෙම ද්විත්ව බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊයේ (26) රාත්‍රීයේ ජාතිය අමතමින් ප්‍රකාශ කළේ කුමන බලපෑමක් එල්ල වුවත් සිවිල් වැසියන් ඉවත් කරගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

තවද මේ ප්‍රහාරයට දැඩි ප්‍රතිචාරයක් දක්වන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.