Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නිරෝධායන නීති රකින්න සිඩිනි නුවරටත් හමුදාව කැඳවයි

By News Team on July 30th, 2021 in International

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැනට ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්ත්වය මත එහි ජනතාව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවාද නැද්ද යන්න සම්බන්ධව සොයා බැලීමට හමුදා නිලධාරීන් සියයක් යොදවා තිබෙනවා.

මේ වන විට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තිය සමඟ ඕස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාධිතයින් 3000ක් සහ මරණ 09ක් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් කාලසීමාව තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා.

එරට ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

ගත වූ පැය 24 දී සිඩ්නි නුවරට අයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව ආසාධිතයින් 177 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා.

එය සැලකෙන්නේ පසුගිය වසරේ මාර්තු මාසයෙන් පසු එක් දිනක් තුළ එම ප්‍රාන්තයෙන් හඳුනාගත් වැඩිම ආසාධිතයින් පිරිස ලෙසයි.