Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

සංචරණ සීමාවලට යටත්ව ලබන සඳුදා දුම්රිය ධාවන කටයුතු ඇරඹේ

By News Team on June 19th, 2021 in Local

ලබන 21 වනදා සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනවිරත්න සඳහන් කළේ පළාත් අතර සංචරණ සීමා පැවැතීම හේතුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ ආකාරයට දුම්රිය ධාවනය වන බවයි.

මේ අතර සංචරණ සීමා ලබන 21 වනදා ඉවත් කිරීමෙන් පසු ලංගම බස් රථ ධාවනයට එක් කරන ආකාරය පිළිබඳව ඉදිරියේ තීරණයක් ගන්නා බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පණ්ඩුක සවර්ණහංස ප්‍රකාශ කළේ.

මේ අතර මාසයකට අධික කාලයක් දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වීම හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 68ක අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි 45ක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 23ක පාඩුවක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රුපියල් කෝටි 5කට වැඩි අදායමක් දිනකදී උපයන අතර දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය දිනකදී උපයන අදායම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වන බවයි වාර්තා වන්නේ.