Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

එකම පවුලේ සිව් දෙනෙකුට මරු කැදවූ දුම්රිය අනතුර

By News Team on February 1st, 2022 in Local

ගාල්ල බුස්ස රිල්ලඹ හන්දියේ දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රී රෝද රථයක දුම්රිය ගැටීමෙන් මියගිය පුද්ගලයන් ගණන 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් බවයි වාර්තා වන්නේ.

අද (01) පෙරවරු 10.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර වව්නියාව බලා ගමන් කරමින් තිබු රජරට රැජින දුම්රියේ ත්‍රීරෝද රථය ගැටී තිබුණා.

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පියා, පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ මෙන්ම බිරිඳගේ මව මෙම අනතුරින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.