Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

හිරෝෂිමා පිපිරීමේ ප්‍රබලත්වය පැරදවූ ටොංගා සුනාමිය

By News Team on January 25th, 2022 in International

පසුගිය 14 වන දින ටොංගා දිවයිනේ සිදුවූ ගිණිකඳු පිපිරීම දෙවන ලෝක යුද සමයේ අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට හෙළන ලද න්‍යෂ්ඨික බෝම්බයේ ප්‍රබලත්වයට වඩා සිය ගුණයක ප්‍රබලත්වයකින් යුක්ත බව නාසා ආයතනය පවසනවා.

එරට බලධාරීන් පවසන්නේ රටේ ජනගහනයෙන් 4/5කට වඩා මෙහි බලපෑමට තවමත් ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් විසිරී ගිය අළු සහිත දුමාරය හමුවේ පානීය ජල පහසුකම සපයා ගැනීමට ටොංගා රාජ්‍යයට තවමත් ගැටළුවක්ව පවතිනවා.

මෙම සුනාමි ව්‍යසනයෙන් මියගිය ගණන 06කි.