Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

නාවික හමුදාවේ 71 වන සංවත්සරය අදයි

By News Team on December 9th, 2021 in Local

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය අදයි.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්, මෙවර සංවත්සරය අභිමානවත්ව සැමරීමට වැඩසටහන් රැසක් සංවිධාන කර ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න මහතා පවසනවා.

මෙවර සංවත්සරය නිමිත්තෙන් අද සහ හෙට ගාලුමුවදොර ඉදිරිපස මුහුදු තීරයෙහි නාවික හමුදාව සතු විශාල නෞකා නැංගුරම් ලා තබා දේශයේ නාවික බලය පිළිබඳ ජනතාවට දැක බලා ගැනීමට කටයුතු යොදා ඇති බවත් පුත්තලම සිට යාපනය දක්වා ප්‍රදේශවල කඩොලාන පැළ ලක්ෂ දෙකක් සිටුවීමේ ව්‍යාපෘතියක්ද, මහජනතාවගේ පහසුව සදහා පුත්තලම කලපුවේ නව ජැටියක් ඉදිකර විවෘත කිරීමට නියමිත බවද නාවික හමුදාපතිවරයා සදහන් කළා.