Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ලෝක ළමා – වැඩහිටි දිනය අදයි

By News Team on October 1st, 2021 in Local

ලෝක වැඩිහිටි දිනය සහ ලෝක ළමා දිනය අදට යෙදී තිඛෙනවා.

සියල්ලටම පෙර දරුවන් මෙවර ලෝක ළමා දින තේමාවයි.

ඒ අනුව ඔක්තෝබර් මාසය පුරාවටම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිඛෙනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිඩුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ දැයේ දරුවන්ට අහිමිව ගිය සියලූ අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළගා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වී ඇති බවයි.

ප්‍රගතිශීලී රජයක් වශයෙන් සුරක්ෂිත පරිසරයක් තුළ ඔබේ දරුවාට අවශ්‍ය සේවා, පහසුකම් සහ අවස්ථා සලසා

දීම යථාර්ථයක් බවට පත්කරමින් සිටින බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිඩුඩය මගින් සිහිපත් කරනවා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ද ලෝක ළමා දිනය අපගේ දරුවන්ට සැමරීමට අවස්ථාව නැතත් සියලූම දරුවන්ට තමන්ගේ නිවසේ සිට හෝ සතුටින් සැමරීමට ආශිර්වාද කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිඩුඩයේ සදහන් කර ඇත්තේ.

පසුගිය කාලය තුළ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ හා ළමා මෙහෙකාර සේවය සමාජයෙන් ඈත් කිරීම සඳහා වූ අණ පනත් කිහිපයක් සංශෝධනය කිරීමට ලැබීම අප ලැබු ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිඩුඩයේ දැක්වෙනවා.

ඒ අනුව ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලූම මානව වර්ගයාගේ අතිමහත් යුතුකමක් බව සියලු වැඩිහිටියන්ට සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා ලෝක ළමා දිනය වෙනුවෙන් සිය සුබ පැතුම් එක්කර තිඛෙනවා.

ගෝලීය වසංගතයක් පවතින මෙවන් කාලයක දරුවන්ව නිවසේ දී මානසික පීඩාවන්ට ලක්නොවන අයුරින් රැකබලා ගැනීමට උනන්දු වන්නැයි මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිඩුඩය ඔස්සේ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද කර තිඛෙනවා.

මේ අතර ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිඛෙනවා.

එක් අතකින් රටක අනාගත අභිවෘද්ධියත් අනෙක් අතින් රටේ ප්‍රෞඪත්වයත් පිළිබිඹු කරන්නේ දරු පරපුර සහ වැඩිහිටි පරපුර බවයි එහි දැක්වෙන්නේ.

වත්මන් දරු පරපුර මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ආගන්තුක සුවිශේෂී තත්ත්වයකට බවද විපක්ෂනායකවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ දක්වා තිඛෙනවා.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන දරුවන්ගේ ළමා ලෝකය සීමාසහිත තැනකට තල්ලූ කොට ඇති අතර දෙවසරක් තිස්සේ අධ්‍යාපනික වශයෙන් ද දරුවන් ගැටලූ රැසක් අත්විඳිමින් සිටින බව එහි සඳහන්.

දරුවන්ගේත් වැඩිහිටියන්ගේත් ලෝකය සුරක්ෂිත සහ නිදුක් නිරෝගී වේවායි සජිත් ප්‍රේමදාස මහතා ලෝකවාසි වැඩිහිටි ප්‍රජාවට සහ දරුවන්ට සුබ පැතුම් එක්කරමින් ප්‍රාර්ථනා කරනවා.