Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වප් පොහොය දිනය අදයි

By News Team on October 20th, 2021 in Local

භික්ෂූන් වහනසේ වස් පවාරණය කිරීම ඇරඹෙන වප් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

තවුතිසා දිව්‍ය ලෝකයේ වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කර සංකස්ස පුරයට වැඩම කළේ අද වැනි වප් පුන් පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

පෙර වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ වප් පොහෝ දින වස් පවාරණය කරන අතර පසු වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ ඉල් පොහෝ දින වස් පවාරණය කරනවා.

කඨින චීවර පූජාව ආරම්භ වන පොහෝ දිනය ලෙස ද වප් පොහෝ දිනය හැඳින්විය හැකියි.

ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම, ථූපාරාමයේ විනය සංගායනාව ආරම්භ කොට පවත්වාගෙන යාම වැනි ශ්‍රී ලාංකිකයින්ට ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් ද වප් පුන් පොහෝ දින සිදු වී ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.

මේ අතර කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) නිකුත් කළා.

පසුගිය 12 වනදා නිකුත්කරනු ලැබූ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කඨින චීවරය රැගත් පෙරහර සංවිධානය කිරීමට අවසර හිමිවෙයි.