Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

නබිතුමාගේ උපන් දිනය අද

By News Team on October 19th, 2021 in Local

ඉස්ලාම් බැතිමතුන්ගේ ශාස්තෘවරයා වන ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය අදයි.

ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබපැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලාංකේය සහ ලෝක ඉස්ලාම් බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත් මුහම්මද් නබිනායකතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කොට සහජීවනය ඇති කිරීම ඉස්ලාමීය බැතුමතුන් එතුමාට දක්වන විශේෂ ගෞරවයක් ලෙස දකින බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයේ දක්වා ඇත්තේ.

නබිනායකතුමාගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානූෂීය දර්ශනය අන්කවරදාටත් වඩා අද සමාජ සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිත බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

අදට යෙදෙන මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ගතකරන මෙවැනි දුෂ්කර කාල වකවානුවක් ජය ගැනීම උදෙසා නබි නායකතුමන්ගේ ජීවිත ආදර්ශය තම ජීවිතයට සමීප කරගන්නැයි ඉස්ලාමීය ජනතාවට සිහිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිඩුඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මුහම්මද් නබිනායකතුමා එවකට පැවැති සමාජයේ විෂමතාවයන්ට එරෙහිව බුද්ධිමත් විප්ලවයකින් ඇති නැති පරතරය නැති කර, සමානාත්මතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළ ශාස්තෘවරයෙකු බවද එහි සදහන්.

පෞද්ගලික ජීවිතය අන් අයගේ ආදර්ශයක් බවට පත් කළ මුහම්මද් නබිනායකතුමා අල්ලාහ් දේව පණිවිඩය ලෝවාසීන්ට රැගෙන එතුමන්ගේ ඉගැන්වීම තුළින් ස්වකීය ජීවිත පැවැත්ම යහපත් කොටගෙන කටයුතු කරන ඉස්ලාම් බැතිමතුන්ට සුභාශිංශන එක් කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබ පැතුම් එක්කරමින් සදහන් කර ඇත්තේ.