Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

කුළුදුල් ශූරයෙක් සොයන ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරඟය අදයි

By News Team on November 14th, 2021 in Sport

දින 45ක් පුරා පැවැති 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සමාප්තිය සනිටුහන් කෙරෙන අවසන් මහා තරඟය අද (14) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවෙන් අද (14) රාත්‍රී 07.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය තරඟය පැවැත්වෙනවා.

මෙවර ශූරතාව දිනාගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් ද අනු ශුරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 08ක් හිමි වෙනවා.

එංගලන්තයට එරෙහිව නවසීලන්තය අවසන් පුර්ව වටයේ දී කඩුලු 5ක ජයක් ලබා ගනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත් අතර පාකිස්ථානයට එරෙහිව ඕස්ට්‍රේලියාව අවසන් පුර්ව වටයේ දී කඩුලු 5ක ජයක් ලබා ගනිමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර ඕස්ට්‍රේලියාව 2010 වසරේ දී අනු ශුරයන් බවට පත් වුණා.