Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

හින්දු භක්තිකයන් මහත් ඉහළින් සමරන දීපාවලි උත්සවය අදයි

By News Team on November 4th, 2021 in Local

ලොව පුරා සිටින හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවය අදට (04) යෙදී තිබෙනවා.

හින්දු භක්තිකයින්ගේ ප්‍රධාන සැමරීම් තුන අතරට දීපවාලි උත්සවය ද අන්තර්ගතයි.

දීපාවලි උත්සවය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

දීපාවලි මංගල්‍යය සමග විශ්වයට ප්‍රවේශ වන පංචාවයතන ශක්තියෙන් ලෝකවාසි සියලු දෙනාට සතුට, සමෘද්ධිය, ධනය සහ දිව්‍යමය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත්තේ.

සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවී, ශ්‍රී ලංකාව සමෘද්ධිමක් ජාතියක් ලෙස දියුණුවන යහපත් අනාගතයක ආරම්භය ලෙස දීපවාලි උත්සවය දිනය උදා වේවා යන්න සිය ප්‍රාර්ථනය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කරනවා.

මෙතරම් කාලයක් ජනතාව භේදභින්න කළ සියලු වෙනස්කම් මකා දමන මොහොතක් ලෙස දීපාවලි උත්සවය සමරන අවස්ථාවක මෙම ආලෝකය නිවී යන්නට ඉඩනොදී නැවත අඳුරේ ගිලී නොයන ලෙස ආරක්ෂා කර ගතයුතු බව කාරුණිකව ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍යවරයා සිය පණිඩුඩය හරහා ඉල්ලීමක් කරනවා.

සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් ලෙස සැලකෙන දීපාවලි දිනයේදී වර්තමානයේ ලොවපුරා ව්‍යාප්ත කොරෝනා උවදුර නැමති නපුර පරාජය කිරීම උදෙසා ද ප්‍රාර්ථනා කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා.

සංහිඳියාවේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමෙහි ලා මේ අපූරු උත්සවය ඉමහත් පිටිවහලක් සපයන අතර ලෝකයට නිදුක් නිරෝගීබව උදාවන දීපවාලී දිනයක් වේවායි විපක්ෂ නායකවරයා ප්‍රාර්ථනා කරනවා.