Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

74 වන ජාතික නිදහස් දිනය අදයි

By News Team on February 4th, 2022 in Local

74 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද (04) සමරනවා.

වසර 443ක් පෘතුග්‍රීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් වූ ශ්‍රී ලංකාවට නිදහස හිමිවුයේ 1948 වසරේ පෙබරවාරි 04 වනදායි.

74 වන නිදහස් දින උළෙල අද පෙරවරු 08 කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආගමික නායකයන් – මැති ඇමතිවරුන් – ප්‍රභූන් – රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගීවිමට නියමිතව තිබෙනවා.

මේ අතර ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ආචාර පෙළපාලියට 6500 ක පිරිසක් සහභාගිවීමට නියමිතයි.

යුධ හමුදාවේ 3463 ක්, නාවික හමුදාවේ 919 ක්, ගුවන් හමුදාවේ 804 ක්, පොලිසියේ 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 282 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 437 ක් සහ ජාතික ශිෂ්‍යභට ඛණ්ඩයේ 259 ක් ඒ අතර වනවා.