Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

අද ජාතික විරෝධතා දිනයක්

By News Team on November 9th, 2021 in Local

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති එක්ව අද (09) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර තිබෙනවා.

එම වෘත්තිය සමිති පවසන්නේ ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසක අද (09) දිනයේදි විරෝධතා ව්‍යාපාර සංවිධාන කර ඇති බවයි.

රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගේ වැටුප ඉදිරි අයවැයෙන් රුපියල් දස දහසකින් වැඩි කිරීම, ගුරු වැටුප් විෂමතා අර්බුදයට විසදුම් දීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම නැවැත්වීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි අද (09) දිනය මෙලෙස ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇත්තේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව අද (09) දිනයේදී දිවයින පුරා පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

අද පෙරවරු 07 ට එම වර්ජනය ආරම්භ කිරීමට නියමිතයි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ බලමණ්ඩලයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ වෘත්තීය සමිති 16 කට අයත් සෞඛ්‍ය සේවකයින් පනස් දහසකට අධික පිරිසක් අද (09) දිනයේදී මෙම වැඩ වර්ජනයට එක්වන බවයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතු සහ ළමා සහ පිළිකා රෝහල්වල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද සමන් රත්නප්‍රිය මහතා කියා සිටියා.