Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර සංචාරක සබඳතා වර්ධනයට

By News Team on October 9th, 2021 in Local

කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෙන්යාවේ නිල සංචාරයක් නිරතවන අවස්ථාවේ එරට සංචාරක හා වනජීවී අමාත්‍ය නජිබ් බලාලා මහතා හමුවූ අවස්ථාවේ දීයි.

සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට නම් ලෝකයක් ලෙස එකට එක්වී කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ.

අමාත්‍යවරයාගේ නිල සංචාරයේ දී කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා ද තිබෙනවා.