Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

By News Team on November 26th, 2021 in Local

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සන්ෂයින් සුද්දා ඝාතනය ඇතුළු අපරාධ රැසක ප්‍රධාන සැකකරු වන හේවාලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත කළුතර දියගම ප්‍රදේශයේ පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

අද (26) අළුයම නිවසක සැඟව සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

මෙම වෙඩි හුවමාරුවේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා තිබෙනවා.