Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනේක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

By News Team on November 23rd, 2021 in Local

අයවැය දෙවන වර කියවීමට පක්ෂව ඡන්දය ලබාදුන් සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නියමිත බවයි.

අයවැයට එරෙහිව ඡන්දය දීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින් තීරණය කර තිබූ බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.