Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

රඹුක්කන නාය යෑමෙකින් පුද්ගලයින් තිදෙනෙක් මරුට

By News Team on November 9th, 2021 in Local

රඹුක්කන උඩගල්දෙණිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගල තිදෙනෙක් මියගොස් තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් ඒකකය සඳහන් කළේ අද (09) අළුයම 05.30ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ දියණිය වන 08 හැවිරිදි දැරිය සහ ඔවුන්ගේ ඥාතීන් දියණියක් වන 13 හැවිරිදි දැරියක් බවයි.

අනතුරින් මියගිය කාන්තාවගේ සැමියා පස්කන්ද යටවී සිටි අතර ඔහු තුවාල ලබා මේ වන විට කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.