Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනී

By News Team on August 17th, 2021 in Local

ශ්‍රී ලංකාව තුළ පැතිරෙන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘති ප්‍රභේද තුනක් හඳුනා ගෙන ඇති බව ඖෂධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොවිඩ්19 තාවකාලික විධි විධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සහභාගී වෙමිනි.

එහිදී රට තුළ පවතින වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට තුළ කොරෝනා ආසාධිතයින් සිඝ්‍රයෙන් වැඩිම වීමට හේතුව මෙම ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතීන් හේතු වී ඇති බවයි.

ඇතැම් විට කොවිඩ් රෝගය පැතිර යෑම ඉහළ යෑමට එම විකෘති ප්‍රභේද හේතුවක් විය හැකි බවද මීට පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 ත් 70 ත් අතර වේගයකින් පැතිර යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.