Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීන ආරක්ෂක තර්ජන මැඩලීමට රටවල් තුනක් ආරක්ෂක ගිවිසුමකට එළැඹෙයි

By News Team on September 16th, 2021 in International

ඕස්ට්‍රේලියාව, මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව විශේෂ ආරක්ෂක ගිවිසුවමකට එළැඹී තිබෙනවා.

ඒ චීනයෙන් එල්ල විය හැකි ආරක්ෂක තර්ජන මැඩලීම සඳහායි.

මේ අනුව ඉතිහාසයේ පළමුවරට න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන නිපදවීමට ඕස්ට්‍රේලියාවට අවස්ථාව උදා වනු ඇති.

නව ගිවිසුමේ ප්‍රතිපාදන අනුව බුද්ධි තොරතුරු සහ සයිබර් දත්ත එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහා ද අවස්ථාව හිමි වෙනවා.