Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ගල්ගමුවේ නිවසක තිබී මළ සිරුරු 3ක් සොයා ගැනේ

By News Team on August 7th, 2021 in Local

ගල්ගමුව ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුර 03ක් හමුවී තිබෙනවා.

28 හැවිරිදි විවාහක කාන්තාවක් සහ ඇයගේ 10 හැවිරිදි පුත්‍රයා සහ ඇය සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ 28 හැවිරිදි තරුණයෙකුගේ සිරුර මෙලෙස අද (07) උදෑසන හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ තරුණයා එම ප්‍රදේශයේ පදිංචි අයෙකු ලෙසයි මේ වන විට හඳුනා ගෙන ඇත්තේ.

ඊයේ රාත්‍රියේ සිදුවූ කිසියම් බහින් බස්වීමක් හේතුවෙන් එම තරුණයා කාන්තාව හා දරුවා ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු මරණවලට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.