Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කප්පම් ගන්න හැදු යුදා හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

By News Team on July 22nd, 2021 in Local

හලාවත නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවකගෙන් රුපියල් 15000ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අත්අඩංගුවට සැකකරුවන් යුද හමුදා සෙබළුන් බව අනාවරණය වූ බවයි.

අදාළ සැකකරුවන් දෙදෙනා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව සීදුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට සඳහන් පුද්ගලයෙක්ගේ රුපියල් 80000 මුදලක් ලබා ගැනීමට තැත්කළ යුද හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම සියලු සෙබළුන් සම්බන්ධයෙන් යුද හමුදා විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර ඔවුන් යුද හමුදාවෙන් නෙරපා හරින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇති බව වාර්තා වනවා.