Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මේ සතියේ පාර්ලිමේන්තු අද පමණයි

By News Team on August 17th, 2021 in Local

අද (17) දිනයේ පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනවා.

එහිදී 2019 කොරෝනා වෛරස තාවකාලික විධිවිධාන පණත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා දෙවනවර කියවීම සහ නියෝග 04ක් සම්මත කරගැනීමට අද (17) සභාවට ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉන්පසු ලබන සැප්තැම්බර් 06 වනදා සඳුදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට නියමිතයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමටයි සැප්තැම්බර් 06 සහ සැප්තැම්බර් 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ.