Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මානසික ආබාධ සහිත පුද්ගලයෙකුගේ පොලු පහරකින් ස්වාමින් වහන්සේ නමක් අපවත් වෙයි

By News Team on June 20th, 2021 in Local

මානසික ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් සපයන පමුණුගම ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකදී භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ එම වැඩිහිටි නිවාසයේ රඳවා සිටි මානසික ආබාධ සහිත පුද්ගලයෙක් විසින් පොල්ලකින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබෙනවා.

පහරදීමෙන් අපවත්වූ ස්වාමීන් වහන්සේගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (20) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාළ වැඩිහිටි නිවාසයේ මානසික ආබාධ සහිත පුද්ගලයන් 18 දෙනෙක් සිට ඇති බව සඳහන් වනවා.

මේ වන විට වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කරන ඇත්ද යන්න සහ ඊට ලියාපදිංචි ලබාගෙන ඇත්දැයි යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

ඝාතනයට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.