Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙහෙම ගියොත් ප්‍රතිකාර කරන්න සෞඛ්‍යය කාර්ය මණ්ඩලයක් ඉතුරු වෙන්නේ නැහැ – හෙද නිළධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා

By News Team on August 19th, 2021 in Local

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසි ලෙස කළමනාකාරය නොකර නිවැරදි තීන්දු නොගතහොත් රෝගීන් ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතිරි නොවන තත්ත්වයක් උද්ගත විය හැකි බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිළධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා මෙනවිය සෞඛ්‍ය බළධාරින්ට වෙත අනතුරු අගවනවා.

කොවිඩ් 19 මර්දන පුරවැසි කාර්යය සාධක බළකාය සංවිධානය අද (19) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේ.

එහිදී ඇය කියා සිටියේ සමස්ථ රෝහල් පද්ධතිය මේ වන විටත් අතිශය අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.