Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන විශ්වාසයක් ඇති විය යුතුයි – ඇමති GLගේ ඉල්ලීමට කාදිනල් හිමිගෙන් පිළිතුරු

By News Team on September 2nd, 2021 in Local

රජය පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට අදාළව ගෙන ඇති පියවර පැහැදිළි කිරීමක් සඳහා අවස්ථාවක් දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට කොන්දේසි කිහිපයක් සම්පුර්ණ විය යුතු බව කොළඹ අඟරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දන්වා යවා තිබෙනවා.

උන්වහන්සේ ලිපියක් යොමු කරමින් ඇමතිවරයා වෙත යවා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදිභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු බවයි.

එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවයි කාදිනල් හිමි ලිපියෙන් අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.