Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Latest News
ඊයේ තරඟවලින් කොළඹ ගාල්ල කණ්ඩායම් ජයගනීපෞද්ගලික සංචාරය හදිසියේ නිමවා ජනපති යළි දිවයිනට?දීර්ඝ නිවාඩුව සැපසේ විදින්න දියවන්නාවේ සභිකයෝ 60ක් රට යයි – අනෙක් අය නුවරඑළියේ යයිලිට්‍රෝ අධිකරණයේ දුන් පොරොන්දුවදුම්රිය නියාමකවරුනුත් අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් දියත් කරයිවසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු දේශ සීමා යළිත් විවෘත වෙයිදුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය අත්හරී – රියදුරන් බලවේග කට්ටල අද 12 සිට ධාවනයෙන් ඉවතටඑන්නත් කාඩ්පත ඇත්නම් සිරිපා වදින්න අවසරපුංචි බණ්ඩා යන්නේ නැත්නම් මම ඇමතිකමෙන් යනවා – ඇමති චමල් ආණ්ඩුවේ ලොක්කන්ට අනතුරු අඟවයියුගදනවී ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට සම්බාධක වැටෙන්න පුළුවන් – අමාත්‍ය විමල් විරවංශ

වාහනයක් නැති නිසා ආණ්ඩුව ආරක්ෂා කරගන්න විදියක් නැහැ – තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අගමැතිට කියයි

By News Team on October 25th, 2021 in Local

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා යළිත් වතාවක් තීරුබදු රහිත බලපත්‍ර ලබාදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (24) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

කණ්ඩායම් රැස්වීම අතරතුරදී පසුපෙළ මන්ත්‍රීවරයෙක් වූ තිස්ස කුට්ටිආරච්චි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමා ඇතුළු කණ්ඩායමට වාහනයක් පවා නොමැති වීමෙන් ආණ්ඩුව ආරක්ෂා කරගැනීම නොහැකි බවයි.

එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මීට පෙර රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ තමන්ට වාහන අවශ්‍ය නොමැති බව මන්ත්‍රීවරුන් ප්‍රකාශ කිරීම නිසා වාහන ලබාදීමට පියවර නොගත් බවයි.

කණ්ඩායම් රැස්වීමේ දී අගමැතිවරයා වාහන අවශ්‍ය නොමැති මන්ත්‍රීවරුන්ට අත් ඔසවන ලෙස ඉල්ලා ඇති අතර එහිදී කිසිඳු මන්ත්‍රීවරයෙකු අත් ඔසවා නොමැති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වාහන අවශ්‍ය මන්ත්‍රීවරුන්ට අත් ඔසවන ලෙස අගමැතිවරයා ප්‍රකාශ කරනවාත් සමඟ සියලු මන්ත්‍රීවරුන් අත් ඔසවා ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන් දෑතම ඔසවා ඇති බවද සඳහන් වනවා.

ඒ අනුව අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් වතාවක් වාහන බලපත්‍රයක් ලබා දීමට ඉදිරියේ කටයුතු කරන බවයි.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශයත් සමඟ සියලු මන්ත්‍රීවරුන් අත්පොලසන් දී ප්‍රති ඝෝෂා කර ඇති බවයි වාර්තා වන්නේ.