Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මෙරටට ඩොලර් ලැබීම ගැන සහතිකයක් නැහැ – සංචිත තවදුරටත් වැටෙනවා – අගමැති කැබිනට් මණ්ඩලයේ දී කියයි

By News Team on June 30th, 2021 in Exclusive Story

මෙරට විදේශ සංචිතවලට සැලකිය යුතු මට්ටමේ විදේශ විනිමය ගලා ඒමේ කිසිඳු සහතිකයක් නොමැති බව මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ රටේ ණය ආපසු ගෙවීමේ කාල සටහන අනුව ඉදිරි මාස කිහිපයේ දී මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇති බවයි.

අගමැතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජුලි මාසයේ ඉන්දියානු සංචිත සමඟ එළඹෙන ද්විපාර්ශික මුදල් හුවමාරු ගිවිසුම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 400ක් ලබාගැනීමට ඇමති මණ්ඩලයේ අනුමැති ඉල්ලා කැබිනට් සංදේශය යොමු කළ අවස්ථාවේදීයි.