Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා ලබන මස 31 වනදා සිට නාට්‍යකරුවන් වෙත

By News Team on July 16th, 2021 in Local

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබු රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීමේ දිරිගැන්වීම වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට ඉතා සුළු මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබා දෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ටවර් හෝල් රගහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ ටවර් හෝල් රගහල පදනමේ සභාපතිවරයා වශයෙනුයි ඔහු මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

ඒ අනුව ලබන මස 31 වැනිදා සිට සහනදායී මුදලකට ටවර් රගහල, එල්ෆින්ස්ටන් රගහල සහ රුක්මනි දේවි රගහල නාට්‍යකරුවන්ට පිරිනැමෙනු ඇති.